/ May 22, 2026

නිරිතදිග මෝසම සක්‍රීය වෙමින් – තැන තැන තද වැසි : අවදානම් නිවේදනත් නිකුත් වෙයි!

නිරිත දිග මෝසම මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වන බැවින් දිවයිනේ නිරිත දිග පෙදෙස්වලට වැසි තවදුරටත් වැසි ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම අධික වැසි සහිත කාලගුණ තත්වය අනුව දිස්ත්‍රික් දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) නායයාමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

ඒ අතර කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

කැළණි ගං ද්‍රෝණියේ ඉහළ පෙදෙස්වලට මිලිමීටර් 300ට ආසන්න වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top