/ Jun 02, 2026

QR ක්‍රමය තදින් ක්‍රියාත්මක කරන්න යයි!

මේ වනවිට ක්‍රියාත්මකව පවතින ඉන්ධන කෝටා ක්‍රමය (QR) ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කරන බව බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.

ඉන්ධන පරිභෝජනය අවම් කිරීම් සඳහා මෙම පියවර ගන්නා බවo ඊයේ (01දා) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේය.

” ඉන්ධන අර්බුදය දිගින් දිගටම පැවතීම හේතුවෙන් අපට ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා. මේ වනවිට කිව් ආර්. ක්‍රමය ඔස්සේ සැලකිය යුතු මට්කටට ඉන්ධන පරිභෝජනය පාලනය කර ඇතත් රටේ අවශයතාවය මට්ටමට එය පැමිණ නැහැ.

මේ හේතුව නිසා ඉදිරියේදී කිව්. ආර්. ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ රටේ ආර්ථිකයට වන බලපෑම් අවම කිරීම ” යැයි ද ඇමැති අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය නම් වේ අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා,
“රජය මේ වනවිටත් හැම ඩීසල් ලීටරයකටම රුපියල් සියයක සහනයක් ලබා දී තිබෙනවා. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දී තිබෙනවා. මේ සහන වෙනුවෙන් බිලියන 57 ක් වෙන් කර තිබෙනවා. නමුත් ජුනි මාසයෙන් ඒ වෙන් කළ මුදල් අවසන් වෙනවා. මේ හේතුවෙන් කිව්. ආර්. ක්‍රමය දැඩිව ක්‍රියාත්මක කිරීමට තිරණය කර තිබෙනවා.

පාරිභෝගිකයාට ලබා දී තිබෙන ඉන්ධන කෝටාව වෙනස් වන්නේ නැහැ. මේ සතියේ සිට කිව්. ආර්. ක්‍රමය පූර්ණ ලෙස මොනිටර් කර තිබෙනවා. මීට එකඟ නොවන අයට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා.”

  • සජිව තත්සර සහ වමින්ද සිල්වා – දිවයින

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top