ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි.
ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයක් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 79.13 ලෙසය.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා 7.02%%කින් පහළ ගොස් තිබේ.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68 ත් 70 ත් අතර පරාසයකය.
ඒ අනුව මැදපෙරදිග කලාපය එළඹ තිබෙන සාමකාමී තත්ත්වය හමුවේ තෙල් මිලේ මෙම පහළ යාම ජතික ආර්ථිකයන්ට මෙන්ම ගෝලීය ආර්ථිකයටද විශාල අස්වැසිල්ලක් වනු ඇති.





