/ Jun 18, 2026

සුගීෂ්වර බණ්ඩාර රිමාන්ඩ්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ලබන ජුලි මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහුව අද (18) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ, රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශනයට අනුව ඔහුව අත්අඩංගුවට පත්ව ඇත.

2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස සිටිමින් සහ එම කාල වකවානුවේ තුළ එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බවට විමර්ශනවලින් අනාවරණ වී තිබේ.

සැකකරු අදාළ තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිත කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top