2027 වර්ෂයේ සිට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව උපදෙස් සහ විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සෑම වසරකම චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබේ.
අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම, විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ අක්‍රමිකතා අවම කිරීම නව චක්‍රලේඛයේ ප්‍රධාන අරමුණු බව අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වේ.
එම චක්‍රලේඛය සකස් කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් කර ඇති අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා බව ද සඳහන් කර ඇත.
එමෙන්ම ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අවධානය යොමු කරමින් චක්‍රලේඛය සකස් කිරීමට නියමිත බව වාර්තා වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
මානෙල් ඩේවිඩ්






