ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් කිලෝග්‍රෑම් 35කට අධික හෂීෂ් තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඊයේ(24) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි රේගු මාධ්‍ය ඒකකය පවසයි.
කැනඩාවේ ටොරොන්ටෝ සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවකගේ ගමන් මලුවල තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.
18 හැවිරිදි සැකකාරිය ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් කෝටි 35කට අධික බව රේගුව පවසයි.
රේගුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මූලික විමර්ශන කරන අතර වැඩිදුර විමර්ශන හා නීති කටයුතු සඳහා සැකකාරිය හා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදී ඇත.
මානෙල් ඩේවිඩ්






