/ Jun 24, 2026

නෙදර්ලන්තය ආපදා කළමණාකරනයට දුන්න වාහනයක් ෆවුසි පාවිච්චි කරල – නඩු විභාගය අවසන්

ආපදා කළමණාකරණය සදහා නෙදර්ලන්ත රජය විසින් පරිත්‍යාග කරන ලද වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සදහා යොදා ගැනීම මගින්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාග කිරීම අවසන්කර තිබේ.

කෙසේවෙතත් තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා තිබෙන අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් එම නඩු විභාගය සිදු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top