/ Jun 24, 2026

කොච්චර ක්ලීන්ද කිව්වොත් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගින් ඉන්නෙත් මේ කාලේ – නාමල් රාජපක්ෂ

ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද කියල කිව්වොත් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේත් මේ අවුරුද්දේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (24) දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

”ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද කියල කිව්වොත් ලංකා ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේත් මේ අවුරුද්දේ. බේරේ වැවෙන් පටන් ගත්තේ හැබැයි ඉතින් අපි දැක්කා වෙසක් කලාපය වෙලාවේ බේරෙ වැවේ තත්ත්වය. හැබැයි අද ගාල්ලට ගියත් මාතරට කියන්න ලංකාවේ කොහේ ගියත් අර ෆ්ලෝටින් මාකට් එකට ගියාමත් අපි දකිනවා එදා ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ සංචාරකයෝ පිරිල හිටපු ෆ්ලෝටින් මාකට් එකට අද වෙලා තියෙන දේ. ඉතින් ආණ්ඩුව රට ක්ලීන්ව තියාගැනීම කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයයි මහ බැංකුවයි ක්ලීන් කරගෙන යන බවක් නම් පේනවා. වරායෙන් කන්ටේනර් 323 ක් පැන්නුවා වරාය ක්ලීන් කරා හැකර් කෙනෙක් පැන්නා. හැකර් පැනලා වැරදි ගිණුමකට මුදල් දාලා අමාත්‍යංශය ක්ලීන් කරා. බැංකුවෙන් බිලියන 13ක් වැරදි ගිණුමකට දාලා බැංකුව ක්ලීන් කරා. ගොවියා ක්ලීන් කරලා තියෙනවා පිටරටින් හාල් ගෙනල්ලා. ව්‍යාපාරිකයන් ක්ලීන් කරගෙන යනවා අසීමිත බද්දක් ගහලා. ආණ්ඩුව මේ රටේ දේශීය ආර්ථිකය සහ ජනතාව ක්ලීන් කරන බවක් නම් පේනවා. හැබැයි ක්ලින් ශ්‍රී ලංකා කියලා තවත් බොරුවක් සහ මේ රටේ සුප්‍රකට ක්‍රීඩකයන්ගේ ඉඳන් ව්‍යාපාරිකයන් රවට්ටලා ඇස් බැන්ඳුමක් තමයි ක්ලින් ශ්‍රී ලංකා කියලා පෙන්නලා තියෙන්නේ” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top