/ Jun 25, 2026

අස්වැසුම ගැන ගත් අලුත් තීරණය!

මින් ඉදිරියට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

2023 වර්ෂයේ සිට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර එහි දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිත අතර මේ වන විට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.

2023 වර්ෂයේ දී කාණ්ඩ 4ක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමිවූ අතර 2025 අප්‍රේල් මාසයේ දී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315,000කට ගෙවීම් නතර කර තිබේ.

එහි තෙවන කාණ්ඩය වන අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000කට මේ වසරේ ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව නතර කර ඇති බව වාර්තා වේ.

මෙම කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිදු තත්ත්වයට පත්ව සිටින පවුල් ඇත්නම් ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top