බරපතළ අල්ලස් හා දූෂණ චෝදනාවන්ට ලක්ව අත්අඩංගුවට ගෙන සිටින චරිත් අබේසිංහව බහුජන බලය සංවිධානයේ ජාතික සංවිධායක ධුරයෙන් සහ එහි සාමාජිකත්වයෙන් ද ඉවත් කිරීමට එම සංවිධානය කටයුතු කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි බහුජන බලයේ විධායක මණ්ඩලය විසින් එම තීරණය ගත් බව ඔවුන් නිවේදනය කර ඇත.






