යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගය සඳහා අගෝස්තු 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් විසින් අදාළ පෙත්සම ගොණු කර තිබුණු අතර එම පෙත්සම ඊයේ (02) අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව හමුවේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේ උක්ත නියෝගය ලබා දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාව වන විටත් ඔහු රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව රජයේ සේවකයෙකු පාර්ලිමේන්තුවට තේරීපත්වීම නීතියට පටහැණි ක්‍රියාවක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසුකමක් බවත් සඳහන් කරමින් අදාළ පෙත්සම ගොණු කර ඇත.





