Ceylon Newspapers (Private) Limited සමාගමට අයත් ‘මව්බිම’ පුවත්පතේ සේවක වැටුප් නියමිත කාලසීමාව තුළ නොගෙවීම නිසා හිඟ වැටුප් ගෙවීමට කම්කරු දෙපාර්තමේන්තුව එම ආයතනයට ජුනි 12 දින සිට දින 21ක කාලයක් ලබා දී තිබියදීත් එම විධානය පැහැර හැරීම හේතුවෙන් එම සමාගමට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ කම්කරු කාර්යාලය සඳහන් කරයි.ෙ
එම විධානය ලබාදී ඇත්තේ මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධවයි.
ඒ අනුව ඔහුට ගෙවීමට නියමිත හිඟ වැටුප් රුපියල් 80,000ක් ජුලි03ට පෙර කම්කරු දෙපාර්තමේන්තුවට ගෙනැවිත් භාරදිය යුතුව තිබුණි.
මේ අතර පසුගිය 22දා එම Ceylon Newspapers (Private) Limited හි මානව සම්පත් කලමනාකාරිණිය කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශනයට පැමිණ සඳහන් කර ඇත්තේ අප්‍රේල් මසට අදාළව රුපියල් 40,000ක් (ජුනි) අවසානයට පෙර ගෙවන බව සහ ඉතිරි හිඟ වැටුප් ගෙවීමට දිනයක් කිව නොහැකි බවයි.
එහිදී පැමිණිලි පාර්ශවය සඳහන් කළේ, දිගින් දිගටම සිදුවන මෙම අනීතික ක්‍රියා වැලැක්වීමට කම්කරු දෙපාර්තමේන්තුව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සහ මේ වනවිට එම ආයතනය සේවා ගිවිසුම්ද උල්ලංඝනය කරමින් අනීතික ලෙස තමා සේවයෙන් ඉවත් කර ඇති බවයි.
තවද ඔහු කියා සිටියේ එම සියලු කරුණු සටහන් කරගන්නා ලෙසත් තමා සේවකයෙක් ලෙස පිළිගන්නේ නම් රැකියාව කරගෙන යෑමට ආයතනනයට ප්‍රවේශ වීමට ඉඩ ලබා දියයුතු බවයි.
අනීතික ලෙස තමා සේවයෙන් ඉවත් කරඇති පසුබිමක එම ආයතනයට එරෙහිව නඩු පවරා තම හිඟවැටුප් ලබා දෙන ලෙස ද මාධ්‍යවේදීයා ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, රවිශාන් ප්‍රනාන්දු මාධ්‍යවේදියාගේ හිඟ වැටුප රුපියල් 80,000 අසූ දහස නියමිත දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස දන්වාකම්කරු දෙපාර්තමේන්තුව එම Ceylon Newspapers (Private) Limited ආයතනයට රතු නිවේදනයක් නිකුත් කළ බව එහිදී විමර්ශන මෙහෙයවූ කම්කරු නිලධාරි එස්.පී.නන්දනරත්න මහතා අවධාරණය කළේය.






