මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව ගැටුමින් නිලධාරීන් 8 දෙනෙකු මිය ගොස් තිබෙන අතර සමස්ත මරණ ගණන 28ක් ලෙස දැක්වෙයි.
ගැටුමින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කළ අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ඒවා ඇත.
මෙම ගැටුමෙන් මිය ගිය බන්ධනාගර නිලධාරීන් 7 දෙනාගේ දේහයන් අවසන් ගෞරවය වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයට ගෙන එන ලද අතර අනතුරුව දේහයන් ඥාතීන් වෙත භාර දී තිබේ.






