/ Jul 09, 2026

ඩෙංගු මරණ 45ක් දක්වා ඉහළට – රෝගීන් 65,000 ඉක්මවයි!

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 65,034ක් වාර්තා වී ඇති අතර මරණ 45ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි මාසයේ පළමු දින 08 තුළ පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති අතර, ඊයේ (08) දිනට පමණක් රෝගීන් 1,300ක් පමණ වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව ම තමන්ගේ පරිශ්‍ර මෙන්ම පොදු පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ තවදුරටත් අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top