සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කාර්යාලය වෙත පසුගිය අසන්න දින දෙකකදී නාදුනන පුද්ගලයෙක් පැමිණ තිබේ.
එම පුද්ගලයා සම්බන්ධයෙන් සැකයක් පවතින හෙයින් මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් කිරීමටද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කටයුතු කර ඇත.
පසුගිය 09 වැනිදා සහ ඊයේ (17) එම පුද්ගලයා පැමිණ ඇති අතර අනන්‍යතාව හෙළි කිරීමකින් තොරව කාර්යාලයට ඇතුළු වී තිබේ.
පසුගිය 05 වැනිදා සහ 06 වැනිදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමේදී රැඳවියන්ට සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් මෙන්ම එම මරණ සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විශාල මැදිහත්වීමක් කරන ආකාරය දක්නට ලැබුණි.
සිරකරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ඔවුහු නිරන්තරයෙන් පෙනී සිටිති.






