හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙඩි වැදීමෙන් මරණයට පත් වූ පසු ප්‍රධාන මාධ්‍ය ගණනාවක් එය සිය දිවි නසාගැනීමක් බව වාර්තා කළ අතර, එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය. මරණ පරීක්ෂණයට තබා මූලික විමර්ශනයක් පවා සිදු නොවූ පසුබිමක එවැනි වාර්තා කිරීම අචාරධර්මයන්ට පටහැණි බව දැක්විණ.
මේ සම්බන්ධයෙන් Lankatimes පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් අද (18) විමසීමක් කළ අතර, එහිදී ඔවුන් පවසා සිටියේ එම පුවත් වාර්තාකරණය කිසිසේත්ම තමන්ගේ අනුදැනුමකින් තොරව සිදු කළ එකක් බවත් ඒවා අදාළ මාධ්‍ය ආයතනවලින් පළ කළ ස්වාධීන පුවත් පමණක් බවත් ය.
එසේ ම පොලිස් මාධ්‍ය නිවේදනයේ නිවැරදි ලෙස කරුණු දක්වා ඇතැයි මාධ්‍ය කොට්ඨාසය තවදුරටත් පවසා සිටියේ ය.






