මෙම වසරේ සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 475ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ මාසයේ පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් 138,730 ක් දිවයිනට පැමිණ ඇති අතර වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එම එකම සංඛ්‍යාව 31,734ක් ලෙස දැක්වෙයි. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 23ක් ලෙසයි සටහන් වන්නේ.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 14,959 දෙනෙකු පැමිණ තිබේ.
චීනයෙන් 8,484ක් ද නෙදර්ලන්තයෙන් 8,415ක් ද මෙම කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති අතර මෙම වසරේ ජනවාරි මස 01 වන දින සිට ජුලි මස 15 වන දින දක්වා වූ සමස්ත සංචාරක පැමිණීම 1,285,303ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එහිදි ද 325,417ක් පමණ වන වැඩිම පිරිස පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 123,526කි.
සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන ප්‍රතිචාර හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමට හේතුවී ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ පළමු මාස හය තුළ සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් බිලියන 475.6ක මුදලක් උපයාගෙන තිබේ.
පසුගිය ජුනි මාසයේදී පමණක් ඉන් රුපියල් බිලියන 50.5ක් උපයා ගැනීමට හැකි වීම විශේෂත්වයක් ලෙස දැක්වෙයි.
මෙම යහපත් ප්‍රවණතාව මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ සංචාරක කර්මාන්තය ආශ්රිත ආර්ථිකය නංවාලීමට විශාල පිටිවහලක් වනු ඇත.






