/ Jul 28, 2026

සයුරුපුර, සහස්පුර සහ සිංහපුර නිවාස සංකීර්ණවලට හොඳ කලක් යන ලකුණු!

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද අඟුලාන සයුරුපුර, බොරැල්ල සහස්පුර සහ සිංහපුර අදියර I හා අදියර II නිවාස සංකීර්ණවල අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නාගරික අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිවාස ගොඩනැගිලිවල කල්පැවැත්ම වැඩි කිරීමේ අරමුණින් මෙම අලුත්වැඩියා කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සඳහා රුපියල් මිලියන 764.09ක මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර භාණ්ඩාගාර අරමුදල් යොදා ගනිමින් 2026 සහ 2027 වසර තුළදී අදාළ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, අදාළ අලුත්වැඩියා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top