ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති අතර තවදුරටත් අධික වැසි ඇති වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකය දැනුම් දෙයි.
මේ අතර එම ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.
වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු හැඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
මහනුවර දිස්ත්‍රික්කය:
පස්බාගේ කෝරලේ
ගඟ ඉහළ කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය:
යටියන්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
නෝර්වුඩ්
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
කෑගල්ල දිස්ත්‍රික්කය:
අරණායක
දෙහිඕවිට
නුවරඑළිය දිස්ත්‍රික්කය:
නුවරඑළිය
තලවකැලේ
කොත්මලේ නැගෙනහිර
කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්‍රික්කය:
නිවිතිගල
රත්නපුර
යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා හෙට (04) පස්වරු 11.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.






