අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව අටක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම දිස්ත්‍රික්ක නවයක පවුල් 3,014ක පුද්ගලයන් 11,832 දෙනකුට බලපා ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අර්ධ නිවාස හානි සිදුවීම් 290ක් වාර්තා වී ඇත.
අගෝස්තු මස 5 වැනිදා උදෑසන 6 වනවිට තත්ත්වය වාර්තා කරමිනුයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ බව සඳහන් කරන්නේ.
එම මධ්‍යස්ථානයට අනුව මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 51ක් ස්ථාපිත කර තිබෙන අතර, ඒවායේ සිටින මුළු පවුල් සංඛ්‍යාව 952කි.






