කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි.
මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බන්ධනාගාර දේපළ වලටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුම් ආරම්භ වී තිබුණේ ඊයේ රාත්‍රියේ වන අතර එය පාලනය කර තිබුණද අද උදෑසන යළිත් නොසන්සුන්තාව හටගෙන තිබේ.
එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළ බව සඳහන් වේ.
මේ ආතර ඊයේ රාත්‍රියේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ද E වාට්ටුවේ රැඳවියන් අතර ගැටුමක් හටගෙන තිබුණි.





