මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති බව විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර තත්ත්වය පාලනය කිරීම සඳහා කිසිදු වෙඩි තැබීමක් සිදු නොකළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය ඇති බව සඳහන්.





