මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රැඳවියන් විසින් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වෙයි.
පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ අද (07) පෙරවරුවේ නොසන්සුන්තාවයක් ගත් අතර පැය 24ක් යාමට පෙර නොසන්සුන්තාවට පත්වූ තුන්වන බන්ධනාගාරය මෙයයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කැඳවා තිබුණි.
එහිදී රැඳවියන් උදෑසන පළමුව වහලය මතට නැග විරෝධතාව ආරම්භ කර තිබූ අතර අතර පසුව ඔවුන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව දක්වාම පැමිණ ඇත.
මේ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමටද පියවර ගෙන තිබේ.





