/ Aug 08, 2026

චෙම්මනි සමූහ මිනී වලෙන් මිනිස් සිරුරු 501ක අස්ථි කොටස් ගොඩ ගනී!

යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව එම සමූහ මිනී වල තුළින් මිනිස් සිරුරු 500 ඉක්ම වූ ප්‍රමාණයක අස්ථි කොටස් ගොඩගත් පළමු අවස්ථාව මෙය වන බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පවසන අතර සමූහ මිනිවළක් තුළින් මිනිස් සිරුරු 500ක් ගොඩ ගැනීමේ සිදුවීමක් මින්පෙර මෙරටින් වාර්තා වි නොමැති බවයි.

චෙම්මනි සමූහ මිනිවළ හය වන අදියර 46 වන දිනට ඊයේ(07) යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායම එම කැණීම් සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top