මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.
පැය තුනකට ආසන්න කාලයක් දෙපාර්ශවය් විසින් අධිකරණයට කරුණු දැක්වූ අතර අනතුරුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා රු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදෙස් ගමන් තහනමක් මත ඇප ලබා දීම සිදුවිය.
පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
අදාළ විමර්ශනය සම්බන්ධයෙන් කරුණු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබූ අතර විමර්ශනයට අධිකරණයෙන් ද අවසර ලැබී තිබුණි. ඒ අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සාගර කාරියවසම් මහතාට අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණි.
ඒ අනුව අද පෙරවරුවේ එම කාර්යාංශයට පැමිණි සාගර කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණු අතර අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.




