/ Aug 12, 2026

ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර යළි ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව සැකකරු ලබන 25 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top