/ Aug 13, 2026

ජපානයේදී ශ්‍රී ලාංකික සිසුවෙක් ඝාතනය වෙයි!

ජපානයේ චිබා ප්‍රාන්තයේ දී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙක් වන අතර ඔහු සමග ලැගුම්හලේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.

එරට පොලීසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමත් සමග මෙම පහරදීම සිදුව ඇති බවයි.

තමාට සහ තම මවට අපහාස කිරීම නිසා ඇති වූ කෝපය පාලනය කරගත නොහැකිව මෙම පහරදීම සිදුකර ඇති බවට සිසුවා පාපෝච්චාරණය කර ඇති බව දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top