ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය,ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ එකතුව සැදුම්ලත් සමාජවාදී ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවකදී එහි නායකත්වයේ ක්‍රියා කරන වාසුදේව නානායක්කාර වෙත විරෝධයක් එල්ල විය.
73 වන හර්තල් සැමරුම සඳහා සඳහා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.
එහිදී අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම,අධික ජීවන බර, IMF රෙගුලාසි වලට නැඹුරු වීම වැනි කරුණු ඉලක්ක කරගනිමින් ආණ්ඩු විරෝධී පාගමනක් ලෙස විදහා දැක්වුණු අතර ආණ්ඩුව විසින් දුන් පොරොන්දු ඉටු කර ජනතාවාදී ගමනක් නොයන්නේ නම් සියලු විරෝධී බලවේග එක්ව ආණ්ඩුව පෙරළා දමන බවට එහි ඉදිරිපෙළ නායකයින් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබුණි.
එහෙත් එහි යම් ඝට්ටනයක් පවතින බව දකින්නට ලැබුණේ වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රක්ශයත් සමඟය.
තිස්ස විතාරණ මහතාගේ වියෝවෙන් පසු සමාජවාදී ජනතා පෙරමුණට නායකත්වය ලබා දී තිබුණේ වාසුදේව නානායක්කාර විසින් වන අතර පසුගිය කාලය පුරාම ඔහු ආණ්ඩුව සම්බන්ධයෙන් යම් සුභවාදී තැනක හිඳිමින් කතා කරන ආකාරය දකින්නට ලැබුණි.
ඒ අනුව ඔහු දැන් නිරන්තරයෙන් පවසන්නේ ආණ්ඩුව නිසි මාර්ගයේ ගමන් කරවා ගැනීමට අවශ්‍ය දායකත්වය ලබා දිය යුතු බවත් වත්මන් විපක්ෂයට ආණ්ඩුව පෙරළීමේ හැකියාවක් නොමැති බවත්ය.
ආණ්ඩුවේ හැකියාව පිළිබඳ යම් විශ්වාසයකින් පසුවන වාසුදේව නානායක්කාර මහතා ඊයේ දිනයේදීද පවසන්නේ ආණ්ඩුව ජනතා අභිලාෂයන් ඉටුවන මාවතේ යා යුතු වන අතර ආණ්ඩුවට එරෙහිව එක්ව සිටින දක්ෂිණාංශික බලවේග උත්සහ කරන්නේ ආණ්ඩුව පෙරලීමට බවයි.
ඒ අනුව මෙම සැබෑ තත්ත්වය වටහා ගෙන විරෝධතා කළ යුතු වන බවයි ඔහු ඊයේ දිනයේදීද පැවසුවේ.
එහෙත් ආණ්ඩුවට විරෝධය දක්වන ස්ථානයක යම් සාධනීය බවකින් අදහස් දැක්වීම ගැන වාසුදේව නානායක්කාර වෙත විරෝධය එල්ල වුණු නමුත් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ.
වමේ බලවේගයක් වමේ යැයි පෙන්නුම් කින් හිඳින දක්ෂිණාංශික බලවේගයක ගොදුරු විය යුතු නැති බවත් වාසුදේව නානායක්කව වැනි තමන්ගේම කඳවුර නියෝජනය කරන ජ්‍යෙෂ්ඨකු සම්බන්ධයෙන් එලෙස හැසිරීම අනුමත කළ නොහැකි බවද ඇතැමුන් ප්‍රකාශ කර තිබේ.






