/ Aug 18, 2026

ලක්ෂ 80ක අයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට!

අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය නිවසක සිට යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ලේ පදිංචි විසි හැවිරිදි තරුණයෙකි.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරුපැදිය සහ ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204යි මිලි ග්‍රෑම් 660ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු බලපිටිය අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top