/ Aug 18, 2026

ඕමානයේදී ඇල්ලූ සමිට්පුර චතු කොළඹ අපරාධ කොට්ඨාශයට!

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

ඔහුව ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි මෙම සැකකරු 2025 වසරේදී මාර්තු 22වැනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕමානය වෙත පලාගොස් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top