/ Aug 20, 2026

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ජනමත විචාරණයකට සූදානම් – නලින්ද

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ලබන සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසය වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව පාර්ලිමේන්තු බහුතරය හෝ ජනමත විචාරණය යන ඕනෑම තීරණයකට මුහුණදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම සංශෝධනය සම්පූර්ණයෙන්ම ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ආ එකක් බවත්, ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ගෙන යන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

“සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් විතර වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය කියන හැටියට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නම් ඒ විදියට, ජනමත විචාරණයක් අවශ්‍ය නම් ඒකට අනුව කටයුතු කරන්න අපි සූදානම්. මේක ගෙනාවේ ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් කරපු ප්‍රතිසංස්කරණයක් ඉස්සරහට අනිවාර්යෙන්ම යනවා” යැයි නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top