අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන තිබේ.
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඔහු ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිට ඇති නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව ඇතැයි වාර්තා විය.
මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට ද නිරීක්ෂණය වී තිබුණු අතර ඒ අනුව සිදුකරන ලද වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී සොයා ගෙන ඇත.
අනතුරුව අද (24) අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කර තිබුණු අතර එහිදී ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.






