/ Aug 24, 2026

මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප!

මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප!

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදා හැර තිබේ.

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනයකට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමක් අද (24) සලකා බැලීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදා හැර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

එමෙන්ම මන්ත්‍රීවරයාට විදේශ ගමන් අධිකරණයේ අවසරය නොලබා යාම ද අධිකරණය විසින් තහනම් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top