/ Aug 27, 2026

රුමේෂ් තරංග නැවතත් ලොව අංක එකට එයි!

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්හි යළිත් වරක් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 88.14 ක දක්ෂතාවක් පෙන්නුම් කිරීම මෙම ජයග්‍රහණයට මූලික හේතුව වී තිබෙන අතර මෙම විශිෂ්ට දක්ෂතාවය නිසා ජර්මනියේ ජූලියන් බෙබර් පසුකර යමින් ප්‍රසාද ලකුණු 1,363ක් ලබා ගැනීමට ඔහුට හැකිවී ඇත.

මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත් රුමේෂ්, වර්තමානය වන විට ජාත්‍යන්තර තලයේ ඉහළම දක්ෂතා අතර රැඳී සිටියි.

මෙම වාර්තාගත ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top