නේපාලය සහ ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ ව්‍යසනකාරී ගංවතුර සහ නාය යෑම හේතුවෙන් මියගිය ගණන 469ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තවත් 1000කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටින අතර ටිබෙටයේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 550 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති අතර දෙවන ගංවතුරක් ගැන අනතුරු හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වල සිටින පිරිස් වෙත දැඩි අවධානයකින් පසුවන ලෙස දැනුම් දී තිබේ.
ඇති වූ තත්ත්වයෙන් පසු චීන-නේපාල දේශසීමාව අසල ජල විලක් නිර්මාණය වී ඇති අතර එය එහි ඉවුරු බිඳී යා හැකි බවට බියක් ද ඇතිව තිබේ.
විශාල ගංවතුර රැල්ලට හේතු වූයේ කඩා වැටුණු ග්ලැසියරයක් බවත් එමඟින් රළ පහර නිවාස සහ මාර්ග විනාශ දැමූ අතර නේපාල-ටිබෙට් ප්‍රධාන දේශසීමා හරස් මාර්ගයක් විනාශ කරන ලදී.
සෑම වසරකම දස දහස් ගණනක් සංචාරකයින් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර අනපේක්ෂිත ගංවතුර ආපදාවට සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගොදුරු විය.
සිටී.
මේ අතර පවතින දැඩි අවධානම් තත්ත්වය හමුවේ චීන රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රදේශයේ ගලවා ගැනීමේ නිලධාරීන්ට දැනට මෙහෙයුම් නතර කරන ලෙසද දැනුම් දී ඇත.
2015 වසරේ සිදුවූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙස සැලකෙන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී.
අපද්‍රව්‍ය හා මඩවලින් පිරී ගිය ත්‍රිශූලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාර්ග සහ වාහන රැසක් සම්පූර්ණයෙන්ම පාහේ වැළලී ගොස් ඇත.
කෙසේ වෙතත්, ත්‍රිශූලි ප්‍රදේශයේ උමඟක් තුළ සිරවී සිටි පුද්ගලයින් 450 දෙනාගෙන් වැඩි පිරිසක් ඇතුළුව සිය ගණනක් ආරක්ෂිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.






