එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අදාළ මධ්‍යස්ථානය නිකුත් කළ නවත ම දත්ත වාර්තාවට අනුව, අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වෙත මෙම බලපෑම එල්ල වී තිබේ.
ඉන් වැඩිම බලපෑමක් වාර්තා වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි. එහි පවුල් 13,139කට අයත් පුද්ගලයින් 42,429ක් පීඩාවට පත්ව සිටිති.
මේ අතර, පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 හි ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් මේ වන විට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් පවතී.






