ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ හත්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති ක්ෂේත්‍රයේ නියාමන ආයතන සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ද මෙම නියෝජිතයින් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම සාකච්ඡා සැප්තැම්බර් 23 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.






