/ Sep 13, 2026

පවුල් සැලසුම් පෙති හිඟයක්!

කාන්තාවන් පවුල් සැලසුම් වෙනුවෙන් භාවිතා කරන මිතුරි යනුවෙන් හඳුන්වන පවුල් සැලසුම් ඖෂධයේ දැඩි හිඟයක් පවතින බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් පනවා ඇති මිල පාලන සීමාවන් සහ පවතින ආර්ථික වටපිටාව මෙම ඖෂධය ආනයනය කිරීමට හා සැපයීමට බාධාවක් වී ඇති බවත් නව ඖෂධ තොග මෙරටට ගෙන්වා, ඒවා දිවයින පුරා බෙදාහැරීමට තවත් සති 3ක පමණ කාලයක් ගතවනු ඇතැයි පවුල් සංවිධාන සංගමය ඇස්තමේන්තු කර ඇත.

ෆාමසි සහ පවුල් සැලසුම් සායනවල ‘මිතුරි’ පෙති නොමැති වීම නිසා දිනපතා මෙම ඖෂධය භාවිත කරන කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මෙය අනපේක්ෂිත ගැබ්ගැනීම් ඉහළ යාමට සහ ප්‍රජනක සෞඛ්‍ය කළමනාකරණයට බාධාවක් වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top