/ Sep 13, 2026

ආණ්ඩුව IMF ප්ලග් එක ගලවන්න යයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින ගිවිසුම ලබන වසරේ මාර්තු මාසයේ දී අවසන් වීමෙන් පසුව නැවත ගිවිසුමකට නොයෑමට ආණ්ඩුව තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

ඇති වුණු දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉකුත් රජය මෙම ගිවිසුම එවක අත්සන් කළ ද වත්මන් රජය ණය ගෙවීම ඇතුළු අනෙකුත් ආර්ථික කටයුතු තමන්ට අනන්‍ය ක්‍රමවේදයකට කරගෙන යෑමට තීන්දු කර ඇති බව ද කියැවේ.

ගොවීන් ඇතුළු ජනතාවට සහන දීමට උක්ත ගිවිසුම බාධාවක්ව ඇති බවත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නැටවෙන බවට වන චෝදනාවත් ගැන රජයේ ඉහළ පෙළේ සාකච්ඡා ඇති වී තිබේ.

වාරික 8ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ 7 වැන්නයි. 2027 මාර්තු මාසයේ දී වැඩසටහන් අවසන් වීමට නියමිත වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top