රු. මිලියන 7148 ක වියදමින් අනුරාධපුර, ත්‍රිකුණාමලය, මුලතිව් හා මන්නාරම රෝහල්වල ඉදිකරනු ලබන නව ගොඩනැගිලි සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන 16 ද සිදුකිරීමට නියමිතයි.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
අංග සම්පුුර්ණ හෘද රෝග පුුතිකාර සංකීර්ණ දිවිත්වයක් සමග සෞඛ්‍ය ප්‍රතිකාර සංකීර්ණ ඉදිකිරීමට නියමිත අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු මැති ඇමැතිවරුන් ,පළාත් ආණ්ඩුකාරවරැ පුුමුඛ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ලබන (16) දින එම වැඩකටයුතු ආරම්භ අනු ඇති.
ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 3545 ක වියදමින් ඉදිකරනු ලබන මහල් 08 කින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 2403 ක වියදමින් ඉදිකරනු ලබන මහල් 08 කින් යුත් අංග සම්පූර්ණ අති නවීන පහසුකම් වලින් සමන්විත දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600 ක වියදමින් ඉදිකරනු ලබන අති නවීන පහසුකම් වලින් සමන්විත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීරණය මෙන්ම මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600 ක වියදමින් ඉදිකරනු ලබන මහල් 04 කින් යුත් සියලු පහසුකම් වලින් සමන්විත වාට්ටු සංකීරණය සඳහා මුල්ගල් තැබීමට නියමිතය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිකරනු ලබන අතිනවීන පහසුකම් වලින් යුක්ත අංග සම්පූර්ණ දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) ණය ආධාර සපයනූ ලබන අතර, මෙම හෘද ප්‍රතිකාර සංකීරණය හෘද රෝග හදුනාගැනීමේ සහ පුුතිකාර සේවා සදහා අවශ්‍ය විශේෂ දැඩි සත්කාර ඒකක සහ දැඩි සත්කාර ඒකක (Coronary Care Unit / Critical Care Unit), කැත් රසායනාගාර, වාට්ටු ,සායන, රසායනාගාර, පුස්තකාල, ශ්‍රවණාාගාර, එක්ස් රේ (X-Ray), ECG (Electrocardiogram)ඇතුළු සේවා සහ නවීන පහසුකම් රැසකින් යුක්තය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරනූ ලබන මහල් 08 කින් යුත් අංගසම්පූර්ණ දැවැන්ත හෘද ප්‍රතිකාර සංකීරණය ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ණය ආධාර යටතේ ඉදිකෙරෙන අතර එහිද හෘද රෝග හදුනාගැනීමේ හා පුුතිකාර සේවා සැපයීමට අවශ්‍ය විශේෂ දැඩි සත්කාර ඒකක සහ දැඩි සත්කාර ඒකක (Coronary Care Unit / Critical Care Unit), කැත් රසායනාගාර, වාට්ටු ,සායන, රසායනාගාර, පුස්තකාල, ශ්‍රවණාාගාර, එක්ස් රේ (X-Ray), ECG (Electrocardiogram)ඇතුළු සේවා සහ නවීන පහසුකම් රැසකින් සමන්විතය.
JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගේඕ හොන්සු (Mr. Shigeo Honzu) සහ මෙරට ජපාන තානාපති අකිරෝ ඉසොමාතා (Mr. Akio Isomata) යන මහත්වරුන් ද මෙම මුල්ගල් තැබීමෙි අවස්ථාවන්ට එක්වීමට නියමිතයි.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරනු ලබන දැඩි සත්කාර ඒකක සංකීරණය හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක ඇතුළු අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත ප්‍රතිකාර ඒකක වලින් සමන්විත වන අතර, එමෙන්ම මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරනු ලබන මහල් 04 කින් යුත් වාට්ටු සංකීරණය එම රෝහලේ පැවති රෝගී තදබදයට විසඳුමක් වශයෙන් නවීන පහසුකම් වලින් යුක්තව ඉදිකිරීමට නියමිතය.
මන්නාරම සහ මුලතිව් යන රෝහල් ද්විත්වයෙහි නව ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 1200 ක ඉන්දීය ආධාර ප්‍රධාන යටතේ සිදු කෙරෙන අතර, මෙම මුල්ගල් තැබීමෙි අවස්ථාවන්ට මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ද එක්වනු ඇති.
මෙම නව ව්‍යාපෘති හරහා කොළඹින් බැහැර දුර බැහැර පළාත්වල වෙසෙන ජනතාවට හෘද රෝග සහ හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ ප්‍රතිකාර සේවාවන් තමන්ගේම ප්‍රදේශවලින් ඉතා කඩිනමින් සහ නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, මෙය මෙරට නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් එක් සුවිශේෂී කඩඉමකි.







