ලෝක මළල ක්‍රීඩා තරඟාවලියේ අවසාන ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ හානියට පත් හෙල්ල 5 වෙනුවෙන් කඩිනමින් අලභා ගෙවීමට තුර්කි ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.
වරයා සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලධාරීන්, තුර්කි ගුවන් සමාගමේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත්, සිදුවීම ගැන තුර්කි ගුවන් සේවා බලධාරීන් ක්‍රීඩකයා වෙත කනගාටුව පළ කර ඇති අතර ආයතනික මට්ටමින් විමර්ශනයක්ද සිදු කරන බව දැනගන්නට ඇත.
තුර්කි ගුවන් සමාගමේ ෆේස්බුක් පිටුවේ ශ්‍රී ලාංකිකයන් සිය විරෝධය පළ කර තිබෙනුද දක්නට ලැබුණි.






