හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත්වරයා අද (16) වරෙන්තු නිකුත් කළේය.
හිටපු ශ්‍රීලන්කන් ගුවන් සේවා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මෙම වරෙන්තු නිකුත් කර තිබේ.
කපිල චන්ද්‍රසේනට ඇප ලබාදීමේදී ඇපකරුවන් ලෙස අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඉදිරිපත් වී තිබූ අතර, අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කර ඇත.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන එයාර්බස් ගනුදෙනුවලට අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට මෙම නඩුව සම්බන්ධ වේ.






