/ Sep 16, 2026

ඉදිරියේදී එල් නිනෝ තත්වයේ ප්‍රබල වර්ධනයක් – ගංවතුර තත්වයක් ඇති විය හැකියි – කාලගුණයෙන් විශේෂ ප්‍රකාශයක්!

එල් – නිනෝ තත්වය ප්‍රබල මට්ටමට වර්ධනය වන බවත් ඉදිරි මාස තුන තුළ මෙම තත්වය උපරිම තත්වයට පත්වන බවට ජාත්‍යන්තර පූරෝකතන නිකුත් කර ඇති අතර ඉන් අනතුරුව දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් .එල්.කේ.විජේමාන්නගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභෘගී වෙමිනි.

පසුගිය දෙදින බෙංගාල බෝක්ක ආශ්‍රිතව හටගත් කැළඹිළි ස්වභාවය හේතුවෙන් ඒල් නිනෝ තත්වය හේතුවෙන් නියඟ තත්වයන්ට මුහුණ දුන් ප්‍රදේශවලට තාවකාලිකව වැසි ඇති වු බවත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට සවස් කාලය තුළ වැසි ඇති විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

තවද මේ වන විට සමකය ආසන්න පැසිෆික් සාගරයේ මතුපිය උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම ශ්‍රී ලංකාවට බලපෑම් ඇති කරන බව පෙන්වා දුන් ඒ මහතා අප්‍රේල් මාසය වන විට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යා හැති බවත් එම මාසයෙන් පසුව නැවත උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු විය හැති බවත් පැවසීය.

ඒ අනුව එම කාලසීමාවේදී උතුරු , උතුරු මැද , නැගෙනහිර පළාත්වලට දැඩි නියඟ තත්වයක් ඇති විය හැකි බව පෙන්වා දුන් ඒ මහතා මෙම මස අවසන් සතිය තුළ දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් කළෞය.

තවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළීබඳව අවධානයෙන් සිටින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top