/ Sep 16, 2026

ලක්ෂ දෙකහමාරක අල්ලස් චෝදනාව: බොනවිස්ටා විදුහල්පතිට ඇප ලැබේ

දරුවන් දෙදෙනෙකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාල්ල උනටුනේ බොනවිස්ටා විද්‍යාලයේ විදුහල්පති එච්.ඒ. රංජිත් ෆොන්සේකා යන සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කර තිබේ.

දරුවන් දෙදෙනාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හබරාදූව නගරයේ පිහිටි වෙළඳසැලකදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියහ.

පළමු වසරට සහ 8 වසරට තම දරුවන් දෙදෙනා ඇතුළත් කිරීමට රුපියල් ලක්ෂ 6ක මුදලක් ඉල්ලා, පසුව එය 3 දක්වා අඩු කර එයින් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් මුලින් ලබා ගත් බවත් ඉතිරි මුදල් නොදෙන්නේ නම් දරුවන් පාසලෙන් අස් කරන බවත් සැකකරු පැවසූ බැවින් දරුවන්ගේ මව පැමිණිල්ල කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

කෙසේ වෙතත් සැකකාර විදුහල්පතිවරයාගේ නීතිඥයා කරුණු දක්වමින් කියා සිටියේ අල්ලස් මුදල බලෙන් ලබා දී ඇති බවයි. කකුලේ තුවාලයක් ඇති බැවින් විසබීජයක් ඇතුළු වීමේ අනතුරක් ඇතැයි කී ඔහු සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top