/ Sep 18, 2026

ජනපති ජනරැලි තවත් ඉදිරියට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන ‘අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි’ ජනරැලි මාලාවේ තවත් රැලි 03ක් මේ මාසය තුළ පැවැත්වීමට ජාතික ජන බලවේගය සැලසුම් කර තිබේ.

ඒ අනුව ලබන 20 වැනි දින අකුරැස්ස සහ වැලිගම දීත් 27 දින ගම්පහදීත් මෙම රැස්වීම් පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා සහභාගි වන ජනරැලි මාලාව පසුගිය 06 වැනිදා කළුතරින් ආරම්භ විය.

අනතුරුව එම පක්ෂය 12 වැනිදා පොළොන්නරුවේදී ගොවි රැලියක් සහ අනුරාධපුරදී තවත් රැලි දෙකක් පවත්වනු ලැබීය.

  • අමිත් මධුරංග ගමගේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top