/ Sep 24, 2026

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි!

හබීබ් රිෆාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දෙනු ලැබීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා හබීබ් රිෆාන් මහතා නව මන්ත්‍රී ධුරයට පත්වුණි.

වෘත්තියෙන් නීතිඥවරයෙක් වන ඔහු මඩකලපුව ඔට්ටමාවඩි මාධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර මේ වන විට ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කල්කුඩා අසන සංවිධායක ලෙස කටයුතු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top