ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල අද (26) සිට පහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 309කි.
සුදු සීනි තොග කිලෝග්‍රෑමයක මිල රුපියල් 04 කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 245ක් ලෙස දැක්වෙයි.
රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 02 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 242කි.
එමෙන්ම පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174ක් ලෙස දැක්වෙයි.
රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියලකින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 173කි.
මේ අතර සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174කි.
දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම පහළ දැමූ මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය නිවේදනය කරයි.






