/ Sep 28, 2026

රුමේෂ් නැවතත් ශ්‍රී ලංකාව රනින් බබළවයි

ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් වී තිබේ.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 88.55කි.

රුමේෂ් තරංග සිය පළමු උත්සාහයේදී මීටර 73 යි දශම 53ක දක්ෂතාවක් දැක් වූ අතර ඒ අනුව පළමු වට තුන නිමාවන විට රුමේෂ් පසු වුණේ 3වැනි ස්ථානයේයි.

3වැනි වටය නිමාවන විට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා පෙරමුණ ගනිද්දී සිය සිවුවැනි උත්සාහයේදී මීටර අසූ අටයි දශම 3යි 3ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් ඉදිරියට පැමිණ තිබුණි.

රුමේෂ්ගේ සිය 5 වැනි උත්සහාය අසාර්ථක වූ අතර ඔහු සිය 6 වැනි උත්සහායේදී මීටර 88යි දශම 5යි 5ක දක්ෂතාවක් දක්විමන් මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව මෙවර ආසිායනු ක්‍රීඩා උලෙලේ දිනූ පළමු රන් පදක්කම මෙය වන අතර මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දී්‍ය ක්‍රීඩකයින් දෙදෙනා විසින් දිනාගෙන තිබුණි.

ශ්‍රී ලංකාව නියෝජනය කළ සුමේධ රණසිංහ 6 වැනි ස්ථානයට පත්ව තිබේ.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී පැවැත්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top