කොළඹ සහ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වා කාලයේ සහ පස්වරු 4 සිට 7 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ අද සිට හඳුන්වා දී තිබේ.
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කර තිබේ.
මේ අතර අද සිට තවත් මාර්ග 5ක් ඔස්සේ මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බවද මෙට්‍රෝ බස් සමාගම පවසයි.






