/ Sep 29, 2026

නාමල් යළි රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සහ එයාර් බස් යන නඩු දෙකටම අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොණුව තිබෙන එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුකරයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top